Gossips

දුම්රිය තාක්ෂණික ශිල්පීන් අද වර්ජනයේ

බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථකවීම නිසා අද (29) පස්වරු 4රේ සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසනවා.
දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයක ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව අනෙකුත් සේවක වැටුප් ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.
මේ හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා එල්ල විය හැකි බවයි දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත සඳහන් කළේ.
මේ අතර, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළේ අද දිනයේ සියලූම දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි.