Gossips

හදිසියේම ICCයෙන් දැඩි ඉල්ලීමක්

හදිසියේම ICCයෙන් දැඩි ඉල්ලීමක් "
තරඟ පාවාදීම් ගැන, ICCය සංස්කරණය නොකළ දර්ශන ඉල්ලයි
ක්‍රිකට් තරඟ පාවාදීමේ සිද්ධීන් පිළිබඳව අල්ජසීරා රූපවාහිනිය විකාශය කළ වැඩසටහනේ සංස්කරණය නොකළ දර්ශන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
ICC දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් අදාළ රූපවාහිනී සේවාව සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.
තරඟ පාවාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට අදාළ වැඩසටහනේ සංස්කරණය නොකළ දර්ශන අත්‍යාවශ්‍ය වී තිබෙනවා.
එම දර්ශන නොමැතිවීම පරීක්ෂණ ඉදිරියට ගෙන යාමට බාධාවක් බවයි ඇලෙක්ස් මාර්ෂල් කියා සිටියේ.
අදාළ දර්ශන සහ සාක්ෂි ලබාදීම අල්ජසීරා රූපවාහිනිය මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
එබැවින් තරඟ පාවාදීමේ සිද්ධීන් සම්බන්ධ විමර්ශන කඩිනම් කිරීම සඳහා අදාළ දර්ශන ලබාදෙන ලෙස ඔහු අල්ජසීරාවෙන් දැඩි ඉල්ලීමක් කළා.
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පාවාදීමේ සිද්ධීන් සම්බන්ධ එම රූපවාහිනී වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට මෙන්ම එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට ද චෝදනා එල්ල වී තිබුණා.