Gossips

දිවයින වටා මුහුදු ප්‍රදේශ වල පවතින සුළං තත්වය වර්ධනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකිබව ඔවුන් වැඩිදුරටත් සදහන් කරනවා.
දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පැ.කි.මී.50 දක්වා වූ තද සුළං ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සදහන්.
මේ අතර දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වය මැයි මස 31 වන දින දක්වා බලාපොරොත්තු විය හැකිබවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.