Gossips

ජනතාවගේ ගැටලු සාකච්ඡා කරන විට මාධ්‍ය මර්දනය කිරීමේ උත්සාහයක් – හිටපු ජනපති

මාධ්‍ය මගින් ජනතාවගේ ගැටලු සාකච්ඡා කරන විට මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.
බෙලිඅත්ත දෙද්දුවාවල නාකුළුගමුව ශ්‍රී පන්තාරාම විහාරස්ථානයට පැමිණි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් ආගමික
වතාවත්වල නිරත වූ අතර අනතුරුව අභිනවයෙන් ඉදිකළ බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වුණා.
උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා.