Gossips

තෙවරප්පෙරුම ගෙන ආ තෑග්ග

පොළොන්නරුව – සොරවිල ප්‍රදේශයේ කුඹුරු අක්කර 200යක් පමණ වන, ගොවීන්ගේ ඉඩම් වනජීවී අමාත්‍යාංශය අසාධාරණ ලෙස පවරාගෙන ඇති බවට ලැබුණු තොරතුරකට අනුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එහි ගොස් තිබුණා.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට මෙම ගැටලුව ආරංචි වී තිබුණේ පොළොන්නරුව-මනම්පිටිය ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී.
පොළොන්නරුව – මනම්පිටිය ප්‍රධාන මාර්ගයේ වෙල්යායට මායිම්ව ඇති දිඹුලාගල සොරවිල පාර මීටර් 800 යක පමණ ප්‍රදේශයක ප්‍රමිතියෙන් තොර පස් දමා ගොඩ කිරීමට වනජීවී අමාත්‍යාංශයේ නිලධාරීන් කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයගේ නිරීක්ෂණයට ලක්වුණා.