Gossips

ගම්මන්පිලගෙන් අනුරට ඇරයුමක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද උණුසුම් අදහස් පළ වුණා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ අභියෝග කළේ අදාළ පනත රටට හිතකර ද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසයි.
ජනතා විමුක්ති පෙරමුණ ද කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, ඊට එක්වෙමින් අදහස් දැක්වූ එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, තමන් ඕනෑම පුද්ගලයෙකු සමඟ සංවාදයකට සූදානම් බව කියා සිටියා.
මේ අතර, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ අස්ථාවරත්වයට හේතු වන බැවින් ඊට විරෝධය පළ කරන බවයි ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.