Gossips

දකුණේ උණ රෝගය පැතිර යාමේ අවදානමක්

දකුණු පළාත කේන්ද්‍ර කරගෙන මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ද පැතිර යා හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම, රෝගය මැඬ පැවැත්වීම සඳහා අවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළා.
කෙසේ් වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ රෝගය මැඬ පැවැත්වීම සඳහා යොදා ගන්නා ඖෂධවල හිඟයක් පවතින බවයි.