Gossips

නිශාන්ත රණතුංගගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ලබන 31 වන දා පැවැත්වෙන ක්‍රිකට් නිළවරණය සඳහා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලට තරඟ වැදීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අද පෙත්සමක් ගොනු කෙරුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග විසින් ගොනු කෙරුණු මෙම පෙත්සමෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සහ ක්‍රිකට් නිළවරණ කමිටුවේ නිලධාරීන් ඇතුළු 27 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
නිළවරණයට තරඟ වැදීම සඳහා තිලංග සුමතිපාල ඉදිරිපත් කළ අයදුම්පත ක්‍රීඩා පනතට පටහැනි බවටයි පෙත්සම මගින් කරුණු දක්වා ඇත්තේ.