Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසියේම දැඩි තීරණයක් ගනී

දෝහා කටාර් මුලස්ථානය කරගත් අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු සිදුකල ප්‍රවෘත්ති වැඩසටහනක් හරහා ජාත්‍යන්තර ක්‍රිකට් සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩා තුල සිදුවන මුදලට තරඟ පාවාදීම් ගැන අනාවරණය කළා.
එම හෙළිදරව්ව හරහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජන කල ක්‍රීඩකයින් වන දිල්හාර ලොකුහෙට්ටිගේ, ජීවන්ත කුලතුංගද මුදලට තරඟ පාවාදීමට කල සැලැස්මක් හෙළි කළ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේ සහය කළමණාකරුවෙකු සහ තරිඳු මෙන්ඩිස් නම් පුහුණුකරුවෙකුද මේ මුදලට තරඟ පාවාදීමට සහය පලකිරීමට කළ සැලැස්මක් හෙලිකලා.
මේ පුද්ගලයින් අතරින් ජීවන්ත කුලතුංග සහ තරිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්.
එම පුහුණුකරුවන්ගේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේ සහය කළමණාකරුවෙකුගේ සේවය වාහම ක්‍රියාත්මකවන පරිදි තහනම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තීරණය කළා.
මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තරග බුකී කරුවන්ට අවශ්‍ය පරිදි වෙනස්කළ බවට මෙම වැඩසටහන හරහා සිදුකළ අනාවරණය පිළිගත නොහැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති මොහාන් ද සිල්වා පවසන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවා.