Gossips

ආපදා මරණ තවත් ඉහළට

දිස්ත්‍රික්ක 20කට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට පවුල් 45,680ක පුද්ගලයින් එක්ලක්ෂ 74,310 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එසේම පවුල් 17,976කට අයත් පුද්ගලයින් 70,376 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රදවා සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 121ක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි.