Gossips

රංගන ශිල්පිනී දීපානි සිල්වාට අධිකරණය දුන් නියෝගය

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා, රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ඇය පානදුර මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ඇයගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. බ
ණ්ඩාරගම – කිඳෙල්පිටිය මංසන්ධියේදී ඇය ගමන් කළ මෝටර් රථය, අද උදෑසන ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, ඉන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් අවුරුදු 10 ක් වන පාසල් දැරියක් සහ ඇගේ පියා තුවාල ලැබුවා.
ඇගේ පියා ප්‍රතිකාර ලබා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති අතර මේ වන විට තුවාල ලැබූ එම දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර අදාළ අනතුර සිදුවන අවස්ථාවේ CCTV දර්ශන අපවෙත ලැබී තිබෙනවා.
එම දර්ශන පහතින්.