Gossips

සහන කණ්ඩායම්වලින් කප්පම් ලබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කරන්න

ආපදාවලින් පීඩාවට පත් පුද්ගලයින්ට උපකාර කරන සහන සේවා කණ්ඩායම් වෙත ඇති වන අපහසුතා සම්බන්ධයෙන් සොයා බලන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක, පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
අද පෙරවරුවේ දුරකථන ඇමතුමක් ලබාදෙමින් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ සහන කණ්ඩායම්වලින් ඇතැම් පුද්ගලයින් කප්පම් ලබා ගන්නා බවට වාර්තා වූ සිද්ධීන් පදනම් කර කරමින්.
ඒ අනුව සහන සේවා සැපයීමේදී කිසියම් අවහිරතාවක් පවතී නම්, 119 හෝ 117 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ආපදා සහන සේවා මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර, පැවති අධික වර්ෂාව හේතුවෙන් පිටාර ගැලූ ගංඟා රැසක ජල මට්ටම තවදුරටත් පහත යමින් පවතිනවා.
කෙසේ වෙතත්, අත්තනගලූඔය, දූනමලේ ප්‍රදේශයෙන් සහ කළු ගඟ, මිල්ලකන්ද හා පුටුපාවුල ප්‍රදේශවලදී තවදුරටත් අවදානම් මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ ලබුගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව මිලිමීටර් 45.7ක්.