Gossips

ඒකාබද්ධය සහ දහසයේ කණ්ඩායම සමඟ හිටපු ඇමති ටී.බී., එෆ්.සී.අයි.ඩී. යට.

හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා.
ඒ, ඔහු පසුගිය රජයේ සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී සිදුකළ බව කියන වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඔහුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අදාළ ප්‍රකාශය ලබා ගනිමින් සිටිනවා.
පසුගිය 24 වනදා ටී.බී ඒකානායක මන්ත්‍රීවරයාට මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස දැනුම්දී තිබූ නමුත් එදින පාර්ලිමේන්තු දිනයක් වු බැවින් පැමිණීමට නොහැකි බවට ඔහු දන්වා තිබුණා.
අද දිනයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලූත්ගමගේ මෙන්ම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක සමඟ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණියා.
මේ හේතුවෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පිවිසෙන කොළඹ – චැතම් වීථිය තාවකාලිකව වසා දැමීමටයි පොලීසිය පියවර ගත්තේ.