Gossips

ෆේස්බුක් පෙම්වතා සමඟ පැනගිය 14 හැවිරිදි දැරියට සිදුවූ දේ

වීරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක්‌ මවුපියන්ට හොර රහසේ 18 හැවිරිදි තරුණයෙකු සමඟ කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයට ගොස් පෙම්සුව විඳිමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරියගේ මව්පියන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව වීරවිල පොලිසිය විසින් පසුගියදා මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස්‌ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ 18 හැවිරිදි තරුණයා සමඟ අදාල බාල වයස්කාර දැරිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ආදර සබඳතාවක්‌ පවත්වාගෙන ගොස් ඇති බවයි.
එහිදී තිස්‌සමහාරාම, වීරවිල ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර දැරියට තිස්‌සමහාරාම නගරයට පැමිණෙන ලෙස තරුණයා විසින් පවසා තිබෙනවා.
ඒ අනුව ඇය පාසල් යන මුවාවෙන් තිස්‌සමහාරාම නගරයට ගොස් තරුණයා මුණගැසී ඇති අතර එහිදී තරුණයාගේ ඉල්ලීමකට අනුව දැරිය තරුණයාගේ ගම් ප්‍රදේශය වන කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයට ගොස්‌ ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
පාසල වෙත පිටත්ව ගිය තම දියණිය නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඇයගේ පියා විසින් වීරවිල පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.
අතුරුදන් වූ දැරිය කුරුණෑගල ප්‍රදේශයේ තරුණයකු සමඟ සිටින බවට වීරවිල පොලිස්‌ නිලධාරීන් ක්‍රියාත්මක කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව සඳහන්.
ඒ අනුව කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේදී 18 හැවිරිදි තරුණයා සහ බාල වයස්කාර දැරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මොවුන් තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී දැරියට අවවාද කර මව්පියන් වෙත භාරදී ඇති අතර සැකකාර තරුණයා රක්ෂිත බන්ධනාගාර කිරීමෙන් අනතුරුව නැවත අධිකරණයට ඉදිරිපත්කර ඇපමත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.