Gossips

ඇමරිකා – උතුරු කොරියා නායක හමුවට දකුණු කොරියාවත්

න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් ඇමරිකා සහ උතුරු කොරියා නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමන්ද සහභාගිවන බව දකුණු කොරියාව ප්‍රකාශ කළා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර හමුව ලබන මස 12 වනදා සිංගප්පුරුවේ පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳව පසුගිය දින කිහිපයේදී විවිධ අදහස් පළවුණා.
කෙසේ වෙතත් මේ වනවිට එම සාකච්ඡාව ස්ථිර වශයෙන් පැවැත්වෙන බවට දෙරටම තහවුරු කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මෙම සාකච්ඡාවට තම අදහස් සහ එකඟතා දැනුම්දීමට සූදානම් බවයි දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් සඳහන් කර ඇත්තේ.