Gossips

හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක එෆ්.සී.අයි.ඩියට පැමිණේ

හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා.
ඒ, ඔහු පසුගිය රජයේ සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී සිදුකළ බව කියන වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
මෙම අවස්ථාවට පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක්ද පැමිණ සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පිවිසෙන කොළඹ – චැතම් වීථිය තාවකාලිකව වසා දැමීමට ද පොලීසිය පියවර ගෙන තිබෙනවා.