Gossips

කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් STF දැලේ (ඡායාරූප)

කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 600ක් සමඟ සැකකරුවෙකු ඊයේ (27) සවස කිලිනොච්චිය – 155 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් පැවසුවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී බෙදා හැරීමට සුදානම් කර තිබු මෙම කේරළ ගංජා තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු යාපනය ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් ගංජා ලබාගෙන කිලිනොච්චිය ප්‍රදේශයේ බෙදාහැරීම සිදුකරන බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වැඩිදුරටත් පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා තොගය සමඟ අද (28) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය