Gossips

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සම්බන්ධ, මුදලට තරඟ පාවාදීම ගැන විශේෂ තීරණයක් ගනී

සාමාජික රටවල සහය ඇතිව තරග පාවාදීමේ සිද්ධි ගැන අයි.සී.සී.යෙන් පූර්ණ පරීක්ෂණයක්
මුදලට තරග පාවාදීමේ සිද්ධීන් පිළිබඳව අල්ජසීරා පුවත් සේවය සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සියලූම සාමාජික රටවල පූර්ණ සහයෝගය ඇතිව පූර්ණ පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
එම කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකය මගින් අදාළ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, ඊයේ පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ විශේෂ රැස්වීමේදියි.