Gossips

ටී.බී. අද එෆ්.සී.අයි.ඩීයට

සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියදී සිදුකළ බව කියන වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අද කැඳවා තිබෙනවා.
පසුගිය 24 වනදා හිටපු රාජ්‍ය අමාත්‍ය ටී.බී ඒකානායක මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබූ නමුත් එදින පාර්ලිමේන්තු දිනයක් වු බැවින් පැමිණීමට නොහැකි බවට ඔහු දන්වා තිබු බවයි පොලීසිය සදහන් කළේ.
ඒ අනුව අද පෙරවරු 10 ට එම කොට්ඨාශයට පැමිණෙන ලෙසයි පසුව දැනුම්දී තිබුණේ.
කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායම පසුගිය 23 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූ අතර, එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක තමන්ට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් සිදුකර ඇති කැඳවීමක් කර ඇති බව ප්‍රකාශ කළා.