Gossips

මත්ද්‍රව්‍ය සමඟ වේයන්ගොඩදී වැටලූ ෆේස්බුක් සාදය

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඒකාරාශී වී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයක් ඊයේ (26) වේයන්ගොඩ පොලිසිය වටලා අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් හැට දෙදෙනාගෙන් 08 දෙනෙකු අද (27) අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.
එහිදී එක් තරුණයෙකු මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නටත්ල ඉතිරි 07 දෙනා රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටත් නියෝග කෙරුණා.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ එකතු වූ තරුණ තරුණියන් පිරිසක් වේයන්ගොඩ – කුරීකොටුව ප්‍රදේශයේ නවාතැන්පොළක සාදයක් පවත්වමින් සිටියදී පොලීසිය ඊයේ වටලනු ලැබුවා.
එහි තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති අතර සිද්ධියට සැකපිට තරුණයන් 54 දෙනෙකු සහ තරුණියන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.