2015 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19ක පාඨමාලා 27ක් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ලබන මස 05 සහ 06 යන දිනවල සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මේ යටතේ සිසුන් 4746 දෙනෙකු බදවා ගැනීමට නියමිත අතර, අදාළ දින දෙක තුළ ඔවුන් විද්‍යා පීඨවලට ලියාපදිංචි කරවීම සිදුකෙරෙනු ඇති.
මේ අතර, ගං වතුරින් පෙළ පොත් විනාශ වූ සියළු සිසුන්ට යළි ඒවා ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබාදී තිබෙනවා.
පෙළ පොත් අවශ්‍යතා පිළිබද නිවැරදි දත්ත වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙසයි ආපදාවට පත් ප්‍රදේශවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.