Gossips

දිස්ත්‍රික්ක 11කට නාය යාම් අවදානම තවදුරටත්

වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ ද ඉදිරි පැය 24ක කාලය සඳහාත් දිස්ත්‍රික්ක 11කට නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
ඒ අනුව රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කළුතර, ගාල්ල, කුරුණෑගල, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට මෙලෙස නාය යාමේ අවදානම් බල පැවැත්වෙනු ඇති.
මීට අමතරව කළු ගඟේ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, සෙසු ගංගාවල ජලය බැස යමින් පවතින බවයි ආපදා කළමනාකාර මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.