Gossips

හෙරොයින් සමඟ එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට

අනුරාධපුර – විජයපුර ප්‍රදේශයේදී රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 160ක් සමඟ පාතාල නායකයෙකු වන එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙර හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අනුරාධපුර – පණ්ඩුලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (26) පස්වරුවේයි.
එස්.එෆ් ලොක්කා දැනට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.