Gossips

කටුනායක දී ගුවන් යානයක, බවුසරයක් ගැටීම ගැන පරීක්ෂණ

කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නවතා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක, ජලය රැගෙන පැමිණි බවුසරයක් ගැටී තිබෙනවා.
ඒ – 320 එයාර් බස් වර්ගයට අයත් මෙම යානය ලාහෝරයේ සිට ගුවන් ගමන් නිමවා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
ජලය රැගෙන පැමිණි බවුසරය මෙම යානයේ පිටුපස කොටසේ ගැටී ඇති අතර, සිද්ධියට සම්බන්ධ බවුසරය පැදවූ රියදුරාගේ සේවය ද දැනටමත් අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා කියා සිටියේ ඒ පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි