Gossips

එවරස්ට් තරණය කළ යොහාන් සිහිනය ගැන කියයි

තමන් සිහිනයක් පසුපස හඹාගොස් එය ජයග්‍රහණය කිරීමට සමත්වූ බව එවරස්ට් කඳු ශිඛරය තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා වූ යොහාන් පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
එවරස්ට් තරණය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ ජයන්ති කුරුඋතුම්පාල සමඟ මීට පෙර එවරස්ට් තරණය කිරීමට ගත් උත්සාහය අසාර්ථක වුවත් තමන් බලාපොරොත්තු අත් නොහළ බවයි ඔහු කියා සිටියේ.
යොහාන් පීරිස් මේ බව කියා සිටියේ නේපාලයේ – කත්මන්ඩු නුවර සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.