Gossips

ගබ්සා තහනම ඉවත් කරන්න අයර්ලන්ත ජනමත විචාරණයෙන් කැමැත්ත

ගබ්සා තහනම් කරමින් පැවති ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එරට පැවති ජනමත විචාරණයෙන් කැමැත්ත පළවී තිබෙනවා.
පසුගිය සිකුරාදා පැවති ජනමත විචාරණයේදී ගබ්සා තහනම ඉවත් කළ යුතු බවට ඡන්ද දායකයන්ගෙන් සියයට 66.4 ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට එරෙහිවූයේ සියයට 33.6 ක් පමණයි.
අයර්ලන්තයේ වර්තමාන නීතිය යටතේ මවගේ ජීවිතයට අවදානමක් පවතින විට හැර අනෙක් කිසිදු අවස්ථාවක සිදු කෙරෙන ගබ්සාව නීත්‍යානුකූල වන්නේ නැහැ.
ෂණයට ලක්වීම නිසා ඇතිවන දරු ගැබක් හෝ විකෘති වූ කළලයක් පවා ඉවත් කිරීමට ඒ යටතේ අවස්ථාවක් නොතිබූ බව සඳහන්.
කෙසේ නමුත් ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව අදාළ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අයර්ලන්ත රජයට අවසරයක් ලැබෙනවා.