Gossips

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පරාජයට පත් කරනවා – ජ.වි.පෙ

සයිටම් සිසුන්ට සාධාරණය ඉටු කරන බව පවසමින් ආණ්ඩුව රැගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පරාජයට පත්කිරීම සදහා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් සමග ඊයේ එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මේ බව සදහන් කළා.
සාකච්ඡාවෙන් අනතුරුව, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම පනත පරාජයට පත් කිරීම සදහා දේශපාලන පක්ෂ රැසක සහය ලබා ගන්නා බවයි.
අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ආණ්ඩුවේ දෙවන ධවල පත්‍රිකාව බවයි.
සයිටම් සිසුන්ට සාධාරණ විසඳුමක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළා.