Gossips

ඩෙංගු ගැන අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ජනතාව ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 19,578 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ.
මේ වසරේ ජනවාරි මාසයේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 7178 ක්.
මැයි මාසයේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 2174 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග යළිත් ඩෙංගු අවදානමක් මතුවිය හැකි බැවින් ජනතාව තම අවට පරිසරය මදුරු කීටයින් බෝ නොවන අයුරින් පවත්වාගෙන යා යුතු බවයි අයි.ඩී.එච්. උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ.