Gossips

16 කණ්ඩායමට ලකුණු කිහිපයක්

අනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ද ජාතික ආණ්ඩුවෙන් ඉවත් කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා.
එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මේ බව කියා සිටියේ ඔවුන් සංවිධාන කළ හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්‍රණය අද අමතමින්.
සම්මන්ත්‍රණය අමතමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ මේ වනවිට දේශපාලන බලවේග කිහිපයක් තම කණ්ඩායම වටා එකතු වෙමින් සිටින බවයි.
එකට එක්වීම සදහා තම පාර්ශවයට ලකුණු රැසක් ඇති බව සදහන් කළ ඔහු පෙන්වා දුන්නේ අත, පොහොට්ටුව, බුලත්කොළය, පුටුව එම ලකුණු බවයි.