Gossips

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් පහළට

ඇද හැලූණු වැසිත් සමග ජල මට්ටම් ඉහළ ගොස් තිබූ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මේ බව කියා සිටියා.