අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල පැය 03ක කාලයක් ලබාදෙන ප්‍රශ්න පත්‍රය සඳහා අමතර කාලයක් ලෙස විනාඩි 10 කාලයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මෙම ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තෝරාගෙන පිළිතුරු ලිවීමට අයදුම්කරුවන්ට සිදුවන බැවින් ඒ සඳහා ගතවන කාලය වෙනුවෙන් මෙම විනාඩි 10 ක කාලය ලබාදීමටයි විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම ප්‍රශ්න පත්‍රය ලබාදී විනාඩි 10 කට පසු පිළිතුරු ලිවීමේ කඩදාසි ලබාදීම පිළිබඳවද විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වුණා.
පසුව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ ඉල්ලීම මත එම ප්‍රශ්න පත්‍රය සමඟම පිළිතුරු ලිවීමේ කඩදාසි ලබාදීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.