Gossips

දහසයේ කණ්ඩායමේ නව වැඩපිළිවෙලක්

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ නව වැඩපිළිවෙළක් සමාජගත කිරීමට සූදානම් බව ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම පවසනවා.
'හෘද සාක්ෂියේ නිදහස' යන තේමාව යටතේ එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සංවිධාන කරන සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රනයට මාතර – උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අද (26) එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මේ බව කියා සිටියා.