Gossips

නාත්තණ්ඩිය, මහවැව සහ වෙන්නප්පුවේ ජල ගැලීම් තත්ත්වය ඉහළට

මාඔය පිටාර ගැලීම හේතුවෙන් නාත්තණ්ඩිය, මහවැව සහ වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති ගං වතුර තත්ත්වය ඉහළ ගොස් තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්. අලහකෝන් කියා සිටියේ මේ හේතුවෙන් පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ ලුණුවිල පාලම අසළින් කුඩා වාහන ධාවනය කිරීම අවදානම්සහගත බවයි.
එමෙන්ම ගං වතුර නැරඹීමට නොපැමිණෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකළා.