Gossips

උතුරු කොරියාව ගැන ට්‍රම්ප්, තවමත් විවෘතයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා සමුළුව අවලංගු කළ ද එම හමුව තවදුරටත් සිදුවිය හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
එය ඇතැම් විට කලින් සැලසුම් කළ පරිදි ජුනි 12 වන දා සිංගප්පූරුවේදී පැවැත්වීම සිදුවිය හැකි බවයි ඔහු ඊයේ කියා සිටියේ.
උතුරු කොරියාව විවෘත ලෙස පස මිතුරුබව පළ කිරීම හේතුවෙන් සාකච්ඡා අවලංගු කරන බව ජනපති ට්‍රම්ප් බ්‍රහස්පතින්දා කියා සිටියා.