Gossips

පොලීසියේ 65,000 ක් පුංචි ඡන්දයට

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාලව මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,758 දෙනෙකු යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඔවුන් සියලූදෙනා අද දිනයේදී අදාළ රාජකාරි ස්ථාන වෙත වාර්තා කරන බවයි.
ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමග මැතිවරණ නීති ආරක්ෂා කිරීම සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු එහිදී සඳහන් කළේ.
මේ අතර අද මැතිවරණ විශේෂාංගය තුලින් සාකච්ජා කෙරෙන්නේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු පිළිබඳවයි.