Gossips

ETI අරමුදලින් ගත් මුතුකරුප්පන් චෙට්ටියාර් නැවත ලබාගත යුතුයි – තැන්පත්කරුවන් කියයි

තම තැන්පතු මුදල්වලින් ETI ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය මුතුකරුප්පන් චෙට්ටියාර් ආයතනය මිලදීගෙන ඇතැයි තැන්පතුකරුවන් චෝදනා කරනවා.
කෙසේවෙතත් එම ආයතනය වෙනත් ආයතනයක් ලෙසට පෙන්වීමට ETI අධ්‍යක්ෂ මණ්ඩලය උත්සාහ කරන බවටයි තැන්පතුකරුවන්ගේ චෝදනාව වන්නේ.
ETI ආයතනයේ මෙන්ම මුතුකරුප්පන් චෙට්ටියාර් ආයතනයේද සිටින්නේ නාලක එදිරිසිංහ සහ ජීවක එදිරිසිංහ ඇතුලු එකම අධ්‍යක්ෂ මණ්ඩලය බව ඔවුන් පෙන්වා දෙනවා.
තම තැන්පතු මුදල්වලට ETI ආයතන අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු අතර තම මුදල්වලින් ඔවුන් සිදුකර ඇත්තේ මෙම ආයතන මිලදී ගැනීම බවට ද තැන්පත්කරුවන් චෝදනා කරනවා.
වහාම මෙම ආයතනය අත්පත් කර ගැනීමට රජය මැදිහත්වී කටයුතු කළ යුතු බවට ද තැන්පත්කරුවන් අවධාරණය කරනවා.
එය පවරාගෙන ඉන් තම තැන්පතු මුදල් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි ETI ආයතනයේ මුදල් තැන්පත් කළ පිරිස ඉල්ලා සිටීන්නේ.