Gossips

නව රාජ්‍යතාන්ත්‍රිකයන් 5 ක් ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් සමග ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලෝකයේ සෑම මිත්‍ර රාජ්‍යයකම සහය ලබාගැනීම තම අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ නව රාජ්‍ය තාන්ත්‍රිකයන් 5 දෙනෙකු අක්තපත්‍ර භාරදීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.
ශ්‍රී ලංකාව සහ සිය රාජ්‍යයන් අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අද පත්වු නව තානාපතිවරුන් කැපවනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළකරනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මොසැම්බික් රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරයෙක්, ස්වීඩනය, පින්ලන්තය, සෞදි අරාබිය සහ වෙනිසියුලාව සඳහා තානාපතිවරුන් ද අලුතින් පත්ව ඇති බවයි.
අක්තපත්‍ර භාරදීමේ අවස්ථාවට එක්වෙමින් ස්වීඩනය සඳහා පත්වු නව තානාපතිවරයා කියාසිටියේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර පවතින සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට තම ධුර කාලය තුල විශේෂ අවදානයකින් කටයුතු කරන බවයි.
තිරසර සංවර්ධනයේ අත්දැකීම් සතු පින්ලන්තය සිය දැනුම ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමේ නව වැඩපිළිවෙලකට එළඹීමට අපේක්ෂා කරන බව පින්ලන්තය සඳහා පත්වී ආ නව තානාපතිවරයා ප්‍රකාශකර තිබෙනවා.