Gossips

සැඩ පහරකට හසුවූ තිදෙනෙකුගේ ජීවිත බේරාගෙන, සැඩ පහරේම සැඟව ගිය පොලිස් නිලධාරියා

හලාවත – මාදම්පේ – ගල්මුරුව ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගිය මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයෙකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
දහවල් 11.35 ට පමණ ගල්මුරුව ගල්වල ප්‍රදේශයේදී සැඩ පහරකට හසුවී ගසාගෙන යමින් සිටි තුන්දෙනෙකු බේරා ගැනීමට මාදම්පේ පොලිසියේ නිලධාරීන් කටයුතු කර තිබුනා.
එහිදීයි එක් නිලධාරියෙකු සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී ඇත්තේ.
පොලිසිය සඳහන් කළේ ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කොස්තාපල්වරයෙක් බවයි.
නාවික හමුදාව, ආපදා කළමනාකරණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වු නිලධාරියා සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටිනවා.
සැඩ පහරකට හසුවී ගසාගෙන ගිය පුද්ගලයන් තුන්දෙනා බේරාගෙන ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.