Gossips

කල්දැමුණු පාසල් රග්බි තරඟාවලියේ තරඟපැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් උපදෙස්

කල් දැමුණු අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ තරඟ ඉදිරි සතියේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණ තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා සහ අධ්‍යාපන බලධාරීන් අතර අද (25) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර එහිදී කොන්දේසි සහිතව මෙම තරඟ පැවැත්වීමට එකඟතාව පළ වී ඇති බව සදහන්.
ඒ අනුව, ක්‍රීඩකයින්ගේ සහ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව තරඟ කිරීමට කටයුතු කළ යුතු බවයි දැනුම්දී ඇත්තේ.
පෙර පැවති තරඟවලදී ඇති වූ ගැටුම්කාරි තත්ත්වයන් සැලකිල්ලට ගෙනයි ඉදිරි තරඟ කල් දමනු ලැබුවේ.