Gossips

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 138,000 ඉක්මවයි

දිස්ත්‍රික්ක 20 කට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වනවිට පවුල් 35,129 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ තිස් අටදහස් දෙසිය අනූ දෙදෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බවයි.
පවුල් 13,199 කට අයත් පුද්ගලයින් 53,616 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 231 ක රඳවා සිටිනවා.
නිවාස 3841 කට අර්ධ හානි සිදුව ඇති අතර, තවත් නිවාස 64 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන්.
මේ අතර, මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් අද දහවල් යළි විවෘත කරනු ලැබුවා.