Gossips

සැමියාගේ අතින් අවසන් ගමන් ගිය යමුනා

දවුලගල පොලිස්‌ වසමට අයත් හලාදිවල ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳවට පිහියකින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.
පවුල් ආරවුලක්‌ දුරදිග යාමෙන් පසුගිය 23 වනදා මෙම අපරාධය සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ප්‍රීතිකා යමුනා නමැති 34 හැවිරිදි තිදරු මවක් බවයි වාර්තා වන්නේ.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කිරීමට යොදාගත් ලේ සහිත පිහිය ද රැගෙන හෑපාන සුදර්ශනාරාම විහාරයේ ඇති පොලිස්‌ ජංගම මුරපොළට පැමිණ භාරවී තිබෙනවා.
පිරිමි දරුවන් තිදෙනකුගේ මවක් මෙලෙස ඝාතනයට ලක්‌ව ඇති අතර ඇයගේ හත් හැවිරිදි සහ සිව් හැවිරිදි දරුවන් දෙදෙනා ඉදිරියේ සැමියා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
ඝාතනයට ලක්වූ කාන්තාව සිය හත් හැවිරිදි දරුවා පාසලෙන් රැගෙන දහවල් නිවසට පැමිණි අවස්‌ථාවේ නිවසේ සිටි සැමියා සමඟ බහින් බස්‌ වීමක්‌ සිදුව ඇති බව සඳහන්.
බහින්බස්‌ වීම දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් පිහියක් රැගෙන බිරිඳගේ අතට සහ හිසට දරුණු ලෙස පහර එල්ලකර තිබෙනවා.
පොලිසියට භාරවූ 44 හැවිරිදි සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඊයේ (24) අධිකරණයට ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.