Gossips

වැල්ලවායේ අනවසර වෙළඳුන් ඉවත් කිරීමට යාමේදී උණුසුමක්

වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් වැල්ලවාය නගරයේ ඇති අනවසර වෙළඳසැල් කඩා ඉවත් කිරීමට යාම්දී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ජනතාවට පීඩා වන අයුරින් පදික වේදිකාවේ මෙම වෙළඳසැල් පවත්වාගෙන යාම හේතුවෙන් ඒවා ඉවත් කිරීමටයි වැල්ලවාය ප්‍රාදේශීය සභාව තීරණය කළේ්.
වෙළඳසැල් ඉවත් කිරීමට යාමේදී ප්‍රාදේශීය සභාවේ නිලධාරින් සහ වෙළඳසැල් හිමියන් අතර මෙවැනි කතාබහක් ඇතිවුණා.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව ප්‍රාදේශීය සභා නිලධාරින් සහ පොලීසිය මැදිහත්ව එම අනවසර වෙළඳසැල් ඉවත් කිරීම ආරම්භ කරනු ලැබුවා.