Gossips

යන මග අවහිර කරමින් කඩා වැටුණු පස් කන්ද (ඡායාරූප)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්කදු කඩා වැටීම හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
දියගල ප්‍රදේශයේදී මාර්ගයට ඊයේ පස්වරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් මේ වනවිට එහි රථ වාහන ගමනාගමනය සිදුවන්නේ එක් මංතීරුවක පමණයි.
තවදුරටත් එම ප්‍රදේශයේ නායයාම් අවදානම් තත්ත්වයන් ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ්.
එමෙන්ම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වා ඝණ මීදුමි තත්ත්වයක් පවතින බැවින් රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසටද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලිමක් කරනවා.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ)