Gossips

නීතිවිරෝධී ලෙස රන් බිස්කට් ගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

රුපියල් විසිතුන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපල රේගුව මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ග්‍රෑම් 348 ක් බරැති මෙම රන් බිස්කට් ඔවුන්ගේ ගුද මාර්ගවල සහ පාවහන් තුළ සගවාගෙන පැමිණ ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
අවුරුදු 51 ක් සහ 21 ක් වයසැති මෙම කාන්තාවන් බොරැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකාරිනියන්.
ඔවුන් කටුනායක ගුවන්තොටුපල වෙත ඊයේ උදෑසන පැමිණ ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිටයි.