Gossips

ට්‍රම්ප්, උතුරු කොරියානු හමුව අවලංගු කරයි

උතුරු කොරියානු නායක කිම්ජොන් අං සමග පැවැත්වීමට නියමිත සමුළුව අවලංගු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළා.
උතුරු කොරියානු නායකයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු කියා සිටියේ උතුරු කොරියාව මෑතකදී දැක්වූ දැඩි පසමිතුරුකම් හේතුවෙන් තමා උදහසින් පසුවන බවයි.
උතුරු කොරියානු නායකයා සහ ජනාධිපති ට්‍රම්ප් අතර මෙම සමුළුව ලබන ජුනි 12 වනදා සිංගප්පූරුවේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණා.
ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළේ උතුරු කොරියානු නායකයා න්‍යෂ්ටික අවි බලය ගැන අදහස් ප්‍රකාශ කළ ද ඇමරිකාව ඊට වඩා බෙහෙවින් ප්‍රබල රටක් බවයි.