Gossips

පාකිස්ථාන – එංගලන්ත පළමු තරගය ඇරඹේ

සංචාරක පාකිස්ථාන පිල සහ එංගලන්තය අතර, පළමු ටෙස්ට් තරගය ලන්ඩන් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ වුණා.
එහිදී කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සිය මුල් ඉනිම සදහා සියලූ ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 184 ක් පමණයි.
මොහොමඩ් අබ්බාස් සහ හසන් අලී පාකිස්ථානය වෙනුවෙන් එංගලන්ත කඩුලූ 4 බැගින් බිද හෙලූවා.
ඊයේ දිනය නිමා වනවිට පාකිස්ථාන පිල සිය මුල් ඉනිම සදහා එක් කඩුල්ලක් දැවී ලකුණු 50 ක් ලබා සිටියා.