Gossips

ධනංජය සිල්වා තීරණයක් ගනී

සිය පියාගේ අභාවය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් චාරිකාවෙන් ද ඉවත් වී තිබෙනවා.
රත්මලාන – ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඊයේ රාත්‍රී 8.30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 3 දෙනෙකු තුවාල ලැබුවා.
ඒ අතර සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල – ගල්කිස්ස මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රංජන්ද සිල්වා යන මියගිය බවයි පොලීසිය සඳහන් කළේ.
රත්මලාන – වෙරළපාරේ පදිංචි ඔහු මියයන විට 62 වන වියේ පසුවුණා.