Gossips

සිතේ වීර්යයෙන් අනාගතය දකින දෙනෙත් අන්ධ දිරිය දියණිය

මව් සෙනෙහස පවා නොමැතිව සිතේ වීර්යයෙන් අනාගතය දකින දෙනෙත් අන්ධ දිරිය දියණියක් පිළිබඳ පුවතක් දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
උපතින්ම දෑස නොපෙනෙන දහහත් හැවිරිදි ඇය පදිංචිව සිටින්නේ දෙහිඅත්තකන්ඩිය නිකවනලන්ද අංක 76 ලිපිනයෙයි.
කුඩා කල සිටම මව් සෙනෙහස අහිමි සදුනි දිල්රුක්ෂි සිය සහෝදරයා සමග ගෙවන මේ දුක්බර ජිවිතයට එකම රුකුල වී ඇත්තේ කුලී වැඩක් කරමින් ඔවුන් ජිවත් කරවන ඔවුන්ගේ පියායි.
මෙවර අධ්‍යාපන පොදුසහතිකපත්‍ර සාමාන්‍යපෙළ විභාහගය සමත් වී ඇති සදුනි දිල්රුක්ෂි ගේ එකම සිහිනය වැඩිධුර අධ්‍යාපනය හැදෑරීමයි.