Gossips

අමරිකා ජනපති උතුරු කොරියා නායකයා සමග සාකච්ඡාව අවලංගු කරයි

උතුරු කොරියා නායක කිම් ජෝන් අන් සමග සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබු සමුලුව අවලංගු කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
උතුරු කොරියා නායකයා වෙත ලිපියක් යොමු කරමින් අමරිකා ජනාධිපතිවරයා මේ බව දැනුම්දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ධුරයේ සිටින අමරිකා ජනාධිපතිවරයෙකු උතුරු කොරියා නායකයෙකු සමග සාකච්ඡාවට එක්වන පළමු අවස්ථාව ලෙසටයි මෙම සාකච්ඡාව ඉතිහාස ගතවීමට තිබුනේ.
අදාළ සාකච්ඡා වටය ලබන ජුනි මස 12 වනදා සිංගප්පූරුවේදී පැවැත්වීමට සැලසුම්කර තිබුනා.
කෙසේවෙතත් උතුරු කොරියාව ද ප්‍රකාශ කර තිබුනේ තමන් සමඟ සාකච්ඡාවට පැමිණෙන ලෙස ඇමරිකාවට ආයාචනා කිරීමට සූදානම් නොමැති බවයි.
රාජ්‍ය තාන්ත්‍රිකව ගැටළු විසදා ගැනීමට සූදානම් නොමැති නම් න්‍යෂ්ටික ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට වුවද උතුරු කොරියාවට සිදුවන බව එරට උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනා.
උතුරු කොරියාව සමඟ ලබන මස 12 වන දා සැලසුම් කර ඇති සාකච්ඡා පැවැත්වීම අවිනිශ්චිත බව පසුගිය දා ඇමරිකානු ජනාධිපතිවරයා
එමෙන්ම ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාව හෑල්ලූවට ලක් කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර, ඔහුගේ එම ප්‍රකාශවලට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වමින් සදහන් කර ඇත්තේ මයික් පෙන්ස් මෝඩයෙකු බවයි.