Gossips

වනජිවි නිලධාරින්ගේ වෙඩි පහරින් වලසෙකු මියයයි

ගිරිතලේ – වැව් ඉස්මත්තේදී වනජිවි නිලධාරින්ගේ වෙඩි පහරකට ලක්ව වයස අවුරුදු 7 ක පමණ වලසෙකු අද මියගොස් තිබෙනවා.
මෙම වලසා ත්‍රිකුණාමලයේ සිට ගිරිතලේ පශු වෛද්‍ය රෝහලට ප්‍රතිකාර සදහා රැගෙනවිත් ඇති අතර, පසුගිය 20 වනදා එම ස්ථානයෙන් පැන ගොස් තිබුණා.
පසුව, ගම්මාන කිහිපයකට කඩා වැදුණු වලසා අද උදෑසන වැව් ඉස්මත්තේ රැදී සිට අතර අතර, ප්‍රදේශවාසීන් ඒ පිළිබදව ගිරිතලේ වනජිවි කාර්යාලය දැනුම්වත් කර තිබෙනවා.
වනජිවි නිලධාරින් එම ස්ථානයට ළගා වනවිටත් වලසා පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කරමින් සිට ඇති අතර එහිදී වනජිවි නිලධාරින් සිදුකළ වෙඩි තැබීමකින් වලසා මියගොස් ඇති බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු සදහන් කළේ.